අභිමානවත් ඉතිහාසයක් සහ ලොවක් මවිත කරවන ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික මංගල්‍යය : මහනුවර දළදා පෙරහැරේ අසිරිය!

මහනුවර ඇසළ පෙරහැර යනු ශ්‍රී ලංකාවේ ආගමික, සංස්කෘතික සහ ඓතිහාසික උරුමයන් එකට කැටි වූ අති උත්කර්ෂවත්ම මංගල්‍යයයි.ශ්‍රී ලංකාවේ සංස්කෘතික අභිමානය ලොවට විදහාපාන අසමසම උත්සවයක් වන මහනුවර ඇසළ පෙරහර, සෑම වසරකම ජූලි හෝ අගෝස්තු මාසවල මහනුවර නගරය පුරාවටම අතිඋත්කර්ෂවත්ව පැවැත්වෙ . වසර 1700 කට අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙම පෙරහර, ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කර ඇති බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට ගෞරව දැක්වීම සඳහා පවත්වනු ලබයි. මෙය ලොව පුරා සංචාරකයින් සහ බැතිමතුන් ආකර්ෂණය කර ගන්නා දැවැන්ත ප්‍රෞඪ සංස්කෘතික උත්සවයකි. අභිමානවත් ඉතිහාසය මහනුවර ඇසළ පෙරහරේ ඉතිහාසය ක්‍රි.ව. 3 වන සියවසේදී ශ්‍රී දළදා වහන්සේ මෙරටට වැඩමවීමෙන් පසුව ඇරඹී ඇත. ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දීමත් සමඟ, වැසි පතා සිදු කරන ලද පුරාණ ඇසළ උත්සවය දක්වා දිව යයි. කෙසේ වෙතත්, වර්තමාන ස්වරූපය ලැබුණේ දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීමෙන් පසුවය. දන්ත ධාතූන් වහන්සේ සිරිලක පුරා වැඩම කරවා මහජන ප්‍රදර්ශනයට තැබීමෙන්, රටටත්, ජනතාවටත් සෞභාග්‍යය හා සශ්‍රීකත්වය උදා වේ යැයි විශ්වාසයක් තිබුණි. එලෙස ආරම්භ වූ දළදා පෙරහැර, පසුව ජල පූජා ...