අභිමානවත් ඉතිහාසයක් සහ ලොවක් මවිත කරවන ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික මංගල්‍යය : මහනුවර දළදා පෙරහැරේ අසිරිය!
මහනුවර ඇසළ පෙරහැර යනු ශ්‍රී ලංකාවේ ආගමික, සංස්කෘතික සහ ඓතිහාසික උරුමයන් එකට කැටි වූ අති උත්කර්ෂවත්ම මංගල්‍යයයි.ශ්‍රී ලංකාවේ සංස්කෘතික අභිමානය ලොවට විදහාපාන අසමසම උත්සවයක් වන මහනුවර ඇසළ පෙරහර, සෑම වසරකම ජූලි හෝ අගෝස්තු මාසවල මහනුවර නගරය පුරාවටම අතිඋත්කර්ෂවත්ව පැවැත්වෙ . වසර 1700 කට අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙම පෙරහර, ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කර ඇති බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට ගෞරව දැක්වීම සඳහා පවත්වනු ලබයි. මෙය ලොව පුරා සංචාරකයින් සහ බැතිමතුන් ආකර්ෂණය කර ගන්නා දැවැන්ත ප්‍රෞඪ සංස්කෘතික උත්සවයකි.
අභිමානවත් ඉතිහාසය
මහනුවර ඇසළ පෙරහරේ ඉතිහාසය ක්‍රි.ව. 3 වන සියවසේදී ශ්‍රී දළදා වහන්සේ මෙරටට වැඩමවීමෙන් පසුව ඇරඹී ඇත. ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දීමත් සමඟ, වැසි පතා සිදු කරන ලද පුරාණ ඇසළ උත්සවය දක්වා දිව යයි. කෙසේ වෙතත්, වර්තමාන ස්වරූපය ලැබුණේ දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීමෙන් පසුවය. දන්ත ධාතූන් වහන්සේ සිරිලක පුරා වැඩම කරවා මහජන ප්‍රදර්ශනයට තැබීමෙන්, රටටත්, ජනතාවටත් සෞභාග්‍යය හා සශ්‍රීකත්වය උදා වේ යැයි විශ්වාසයක් තිබුණි. එලෙස ආරම්භ වූ දළදා පෙරහැර, පසුව ජල පූජා චාරිත්‍ර සමඟ ඒකාබද්ධ වී, අද අප දකින මහා සංස්කෘතික මංගල්‍යය බවට පත් විය.මුල් අවධියේදී දළදා පෙරහර සහ දේවාල පෙරහර වෙන වෙනම පැවැත්වුණි. මහනුවර රාජධානි සමයේදී, මෙම පෙරහර දෙක ඒකාබද්ධ කර තනි පෙරහරක් ලෙස පැවැත්වීමට තීරණය විය. එතැන් පටන් එය අද අප දකින ශ්‍රී දළදා පෙරහර බවට පත් වූ අතර, එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ ප්‍රබල සංකේතයක් බවට පත් වී ඇත.
දැකුම්කළු පෙරහරේ අංග
සාමාන්‍යයෙන් දින දහයක් පුරා පැවැත්වෙන මෙම මහා පෙරහර විවිධ චාරිත්‍රානුකූල අංගයන්ගෙන් සමන්විත වේ.
- කප් සිටුවීම: පෙරහර ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර අදාළ දේවාල වන නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි දේවාලවල දෙවිවරුන් උදෙසා කප් සිටුවීම සිදු කෙරේ. මෙය පෙරහරේ පූජනීය ආරම්භය සනිටුහන් කරයි.
- කුඹල් පෙරහර: මෙය පෙරහරේ ආරම්භක අවස්ථාව වන අතර, දින පහක් පුරා පවත්වනු ලැබේ. මෙම පෙරහැර ප්‍රධාන වීදිවල නොගොස් දේවාල අසල කුඩා මාර්ග ඔස්සේ ගමන් කරයි.
- රන්දෝලි පෙරහර: කුඹල් පෙරහර අවසන් වීමෙන් පසු ඇරඹෙන රන්දෝලි පෙරහර වඩාත් දැකුම්කළු හා ප්‍රෞඪ කොටසයි. මෙය ද දින පහක් පුරා පැවැත්වේ. අලංකාර ලෙස සරසන ලද ඇතෙකු පිට වැඩමවන ශ්‍රී දළදා කරඬුව ප්‍රධාන ආකර්ෂණය වන අතර, දහස් ගණනක් අලි ඇතුන්, විවිධ නර්තන කණ්ඩායම්, බෙර වාදකයින්, කොඩි ගෙන යන අය සහ විවිධ සම්ප්‍රදායික කලාකරුවන් ගේ සහභාගීත්වයෙන් අලංකාර වීදි සංචාරයකි. එය වීදි පුරා ගමන් කරයි. "රන්දෝලි" යනු "රන් දෝලාව" යන අර්ථය වන අතර, පෙරහැරෙහි දේවතාවියන් සංකේතවත් කරන දෝලා පෙරහැරද මෙහිදී ගමන් කරයි.
- මහා රන්දෝලි පෙරහැර: උත්සවයේ ප්‍රධානතම අංගය වන්නේ අවසාන රාත්‍රියේ පැවැත්වෙන මෙම මහා පෙරහැරයි.
- දියකැපීමේ මංගල්‍යය: අවසාන මහා පෙරහැරෙන් පසුව, උත්සවය නිමා කරමින්, මහවැලි ගඟේදී දිය කැපීමේ මංගල්‍යය පැවැත්වේ. මෙය පෙරහරේ පූජනීය නිමාව සනිටුහන් කරයි.
- දහවල් පෙරහර: දියකැපීමේ මංගල්‍යයෙන් පසු දහවල් පෙරහර පවත්වයි. මෙය පෙරහරේ අවසන් අදියර වන අතර, දහවල් පෙරහර අවසන් වීමත් සමගම එම වසරේ ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.
මහනුවර ඇසළ පෙරහර යනු දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ට අමතක නොවන අත්දැකීමක් ලබා දෙන, ශ්‍රී ලංකාවේ ආගමික, සංස්කෘතික හා කලාත්මක උරුමයන් සමග බද්ධ වූ මහා සංස්කෘතික මංගල්‍යයකි.
History and Grandeur of the Kandy Esala Perahera
The history of the Kandy Esala Perahera began in the 3rd century AD with the arrival of the sacred Tooth Relic in Sri Lanka. It dates back to an ancient Esala festival held annually to pray for rain, which was introduced to the country along with Buddhism. However, the perahera gained its current form after the sacred Tooth Relic was brought to Sri Lanka. It was believed that parading the sacred Tooth Relic throughout Sri Lanka for public display would bring prosperity and fertility to the country and its people. The perahera that started in this way was later combined with the water-cutting ritual, evolving into the great cultural festival we see today.
Initially, the Dalada Perahera (Perahera of the Tooth Relic) and the Devala Perahera (Perahera of the deities) were held separately. During the Kandy Kingdom era, it was decided to combine these two peraheras into a single procession. Since then, it has become the Sri Dalada Perahera we see today, a powerful symbol of Sri Lankan identity.
Magnificent Features of the Perahera
This grand procession, which usually lasts for ten days, consists of various ceremonial elements.
- Kap Situweema (Planting of the Kap Tree): A few days before the start of the perahera, a ceremonial planting of the Kap tree is performed for the deities of the Natha, Vishnu, Kataragama, and Pattini Devalas. This marks the sacred beginning of the perahera.
- Kumbal Perahera: This is the initial stage of the perahera and is held for five days. This procession does not go on the main streets but travels along the smaller roads near the Devalas.
- Randoli Perahera: Starting after the Kumbal Perahera, the Randoli Perahera is the most magnificent and grand part. This also takes place for five days. The main attraction is the sacred casket of the Tooth Relic, carried on a beautifully decorated tusker. It's a splendid street parade with thousands of elephants, various dance troupes, drummers, flag bearers, and different traditional artists. The procession travels along the main streets. "Randoli" means "golden palanquin," and palanquins symbolizing the goddesses of the perahera also travel in this procession.
- Maha Randoli Perahera (Grand Randoli Perahera): The main event of the festival is this grand procession held on the final night.
- Diya Kepeema Mangallaya (Water-Cutting Ceremony): After the final grand perahera, the festival concludes with the water-cutting ceremony at the Mahaweli River. This marks the sacred end of the perahera.
- Dawal Perahera (Day Perahera): Following the water-cutting ceremony, the day perahera is held. This is the final stage of the perahera, and its conclusion marks the end of the Esala Perahera festival for the year.
The Kandy Esala Perahera is a great cultural festival that offers an unforgettable experience for both local and foreign tourists, interwoven with the religious, cultural, and artistic heritage of Sri Lanka.
Nice👏
ReplyDelete